සිරකරු හුවමාරුවකට ඉරානය කැමතියි



ඇමරිකාව සමඟ සිරකරු හුවමාරුවකට තමන් සූදානම් බව ඉරානය පවසයි. මේ බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ එරට විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දුල්ලාය.

‘පසුගිය දිනවල අප එකඟතාවකට ආවා. සියලු කටයුතු හොඳින් සිදුවන්නේ නම්, ඉදිරියේ දී ඉරානය සහ ඇමරිකාව අතරේ සිරකරුවන් හුවමාරු වේවි’ යැයි ඉරාන විදේශ අමාත්‍යවරයා එරට ජාතික රූපවාහිනිය ඔස්සේ පවසා තිබේ.

කෙසේ නමුත් ඉරානය සමඟ සිදුවන සිරකරුවන් හුවමාරුවක් සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ඇමරිකාව පවසා තිබේ.

ධවල මන්දිර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකයකු මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ ඉරානයේ සිරගතව සිටින ඇමරිකන් පුරවැසියන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඉරාන රජය සමඟ කිසිදු එකඟත්වයක් මෙතෙක් ඇතිකරගෙන නැති බවය.

මේ අතර, ලොව ප්‍රධාන ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානය සහ සෞදියත් අතරේ යහපත් සබඳතා ආරම්භ විය. ඒ චීන රජයේ මැදිහත් වීමෙන් පැවැති සාකච්ඡාවලින් පසුවය.

මාස දෙකක් ඇතුළත තානාපති කාර්යාල දෙරටේ විවෘත කරමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කඩිනමින් ආරම්භ කිරීමට ඉරාන සහ සෞදි රජය එකඟ වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS