ජනගහනය මිලියනයකින් අඩු වෙයි



ගල්ෆ් රටවල ජනගහනය 2020ට සාපේක්ෂව 2021 දි මිලියනයකින් අඩු වී ඇති බව වාර්තා වේ.

නවතම වාර්තාවට අනුව ගල්ෆ් රටවල මුළු ජනගහනය මිලියන 56.4 ක් වූ අතර, එය මුළු ලෝක ජනගහනයෙන් සියයට 0.7 ට සමාන වේ.

ගල්ෆ් කලාපයේ සාමාන්‍ය ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 23.5 ක් වේ.

2021 දී බහරේනයේ ජනගහනයේ සියයට 2.2 ක වැඩිවීමක් සහ 2020 ට සාපේක්ෂව 2021 දී කාන්තා ප්‍රතිශතය සියයට 5.7 කින් වැඩි වී ඇති බව පෙන්වා දෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින්)

RECOMMEND POSTS