පුහුණු ගුවන්යානයක් කඩා වැටෙයි



ලෙබනනයේ පුහුණු ගුවන්යානයක් කඩා වැටී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

බේරූට් අගනුවරට උතුරින් පිහිටි කෙසර්වාන් දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශයකට ගුවන්යානය කඩා වැටී ඇත.

ගුවන් නියමුවා සහ පුද්ගලයන් දෙදෙනෙක් ගුවන්යානය කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව එරට ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ලෙබනනයේ “ඕපන් ස්කයි ඒවියේෂන්’’ සමාගමට අයත් සෙස්නා 172 වර්ගයේ ගුවන්යානය බේරූට් ගුවන්තොටුපොලෙන් ප.ව 1.30 පමණ ගුවන් ගත වී ඇති අතර, ඉන් විනාඩි 20 පසු මීදුම හේතුවෙන් ගුවන්යානය කඩා වැටී ඇති බව ලෙබනන් සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ගුවන්යානය කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, බේරූට් නුවර)


RECOMMEND POSTS