සැමියා බැල්කනියෙන් තල්ලු කර මරා දමලා



ඊජිප්තුවේ කාන්තාවක්  හිටපු සැමියාව බැල්කනියෙන් තල්ලු කර ඝාතනය කර ඇති බව වාර්තා වේ.

‍දෙවන විවාහය සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවඊජිප්තු පොලීසිය ප්‍රකාශ කළේ ය.

පළමු බිරිඳ, ඇගේ මව, පියා, සහෝදරයා සහ පුද්ගලියින් කීපදෙනෙකු  හෙල්වාන් හි මහල් නිවාසයටපැමිණ දෙවන විවාහය සම්බන්ධයෙන් ප්‍රශ්න කර පහර දී ඇත.

පහරදීමෙන් අනතුරුව, පළමු බිරිඳ  සැමියාව පස්වන මහලේ බැල්කනියෙන් පහළට තල්ලු කර ඇත.

අදාල අපරාධය සම්බන්ධයෙන් අපරාධකරුවන්ව නීතිය හමුවට පමුණුවන ලෙස සමාජ ජාල පරිශිලකයින් දැඩි ඉල්ලීමක් කරයි. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කයිරෝ නුවර)

RECOMMEND POSTS