ඇමෙරිකා ඉරාන විශේෂ නියෝජිත මැදපෙරදිග සංචාරයක



ඉරානය වෙනුවෙන් පත් කළ ඇමෙරිකන් විශේෂ නියෝජිත රොබට් මැලී ඊශ්‍රායලයේ, සෞදි අරාබියේ, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සහ බහරේනයේ සංචාරයක නියැළෙන බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

ඇමෙරිකාව සහ ඉරානය අතර, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා මෙම නොවැම්බර් මස අවසන් වෙද්දී ආරම්භ වීමට නියමිතය. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ රොබට් මැලී යැයි ඇමෙරිකන් රාජණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මැලී මැදපෙරදිග රටවල සංචාරය ආරම්භ කර ඇත්තේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එම රටවල් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ද අදහස් විමසා බැලීමට යැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසා තිබේ.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් යැයි ඇමෙරිකාවට දිගින් දිගටම ඒත්තු ගන්වා ඇත්තේ ඊශ්‍රායලයයි.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත්තේ වියානා නුවරදීය. සාකච්ඡා සඳහා ඇමෙරිකාව පමණක් නොව බටහිර ප්‍රබල රටවල් මෙන්ම රුසියාවත් චීනයත් එක් වීමට නියමිතය. ඉරානය ද සාකච්ඡා සඳහා සූදානමින් පසුවන බව වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS