ගුවනින් ආහාර ද්‍රව්‍ය ලබාදෙයි



ඕමානයේ දුෂ්කර ගම්මානවල ජීවත් වන ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට ගුවන් හමුදාව කටයුතු කරන බව වාර්තා වේ.

මස්කට් ආණ්ඩුකාර ප්‍රාන්තයේ වියාලයට් නුවර කුරියාට් හි සායා නගරයේ පදිංචිව සිටින ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍යආහාර ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කර ඇත.

ගමන් කිරීමට අපහසු කඳුකර ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට හෙලිකොප්ටරයක් භාවිතා කළ බව ඕමාන් රාජකීය ගුවන් හමුදාවප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Time of Oman - මස්කට් නුවර)

RECOMMEND POSTS