යකැදුරු භාණ්ඩ සමඟ අත්අඩංගුවට
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි නුවරට හූනියම් භාණ්ඩ රැගෙන යෑමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
හූනියම් භාණ්ඩ රැගෙන යෑමට උත්සහ කළ පුද්ගලයාගේ සැක කටයුතු හැසිරීම සහ බඩ වටා විශේෂ ඉදිමීමක් දක්නට ලැබීමෙන් පසු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කර ඇත.
හූනියම් කිරීමට යොදාගන්නා නීති විරෝධී කෞතුක වස්තු සහ භාණ්ඩ සොයාගැනීමට රේගු නිලධාරීන්ට හැකි වී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා ඩුබායි පොලිසියට භාර දී ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)