දේශසීමා විවෘත කරන්න සිරියානු ජනාධිපති කැමතියි



තුර්කි සිරියා දේශසීමා පිවිසුම් විවෘත කර, භූමි කම්පාවලින් හානියට පත්, සිරියානු විපක්ෂ කැරැලිකරුවන්ගේ පාලනය යටතේ පවතින පළාත්වලට කඩිනමින් ආධාර ලබා දීමට සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවසර දී ඇත.

මේ වනවිට තුර්කි සිරියානු දේශසීමාව හරහා, භූමි කම්පාවලින් හානි වුණු සිරියාවේ පළාත්වලට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ආධාර ලැබෙමින් පවතී. සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වූයේ 2012 දීය.

සිවිල් යුද්ධය හේතුවෙන් සිරියාව දෙකඩ වී ඇත්තේ සිරියානු රජයේ පාලනය සතු පළාත් සහ විපක්ෂ කැරැලිකරුවන්ගේ පාලනයට නතු පළාත් ආදී වශයෙනි. පසුගිය දා ප්‍රබල භූමි කම්පාවලින් බලපෑම් එල්ල වූයේ විපක්ෂ කැරැලිකරුවන්ගේ පාලනයට සතු සිරියානු පළාත්වලටය.

(අල් ජසීරා)


RECOMMEND POSTS