රුසියන් ජනපති පුටින් ඉරාන ජනපති අමතයි



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මොහොමඩ් රයිසි අතර දුරකතන සන්වාදයක් පැවැත්විණි. ඒ, දෙරට අතර දේශපාලනික, වෙළෙද සහ ආර්ථික සහයෝගීතා කටයුතු සම්බන්ධයෙනි.

රුසියාවත් ඉරානයත් අතරේ පවතින සබදතා තවත් ශක්තිමත් කර ගැනීමට මෙම දුරකතන කතාබහ හේතුවක් වුණු බව ක්‍රෙම්ලීනය පවසා තිබේ.

ඉරානය සමග ආර්ථික සබදතා ශක්තිමත් කර ගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කිරීම ඉරාන ජනාධිපතිවරයාගේ පැසැසුමට හේතුවක් වුණු බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS