පලස්තීන ජනපති තුර්කි ජනපති හමුවෙයි



පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතර හමුවක් පැවැත්විණි. හමුව පැවැත්වූයේ පලස්තීන ජනාධිපති අබ්බාස්, තුර්කියේ අන්කාරා අගනුවරට පැමිණි අවස්ථාවේදීය.

තුර්කිය පසුගිය දා ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තරකර ගත්තේය. තුර්කිය සහ යුදෙව් රාජ්‍යයක් වන ඊශ්‍රායල අතර සබඳතා පසුගිය වසර ගණන පුරා බිඳ වැටී තිබුණේ පලස්තීන මුස්ලිම්වරුන්ට ඊශ්‍රායලයෙන් සිදුවන කෙණෙහිලිකම් හේතුවෙනි.

ඊශ්‍රායලය සමඟ යහපත් සබඳතා වර්ධනය කරගත්තත්, අසාධාරණයට ලක් වුණු පලස්තීනුවන් වෙනුවෙන් දිගටම පෙනී සිටිනවා යැයි පලස්තීන ජනාධිපති අබ්බාස් හමුවෙමින්, තුර්කි ජනාපධිවරයා අවධාරණය කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS