එමිරේස්-කටාර් නායකයන් අතරේ සාකච්ඡා



චීනයේ බෙයිජීං අගනුවර පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙල සමාරම්භක උත්සවයට සහභාගී වූ කටාර් සහ එක්සත් අරාබි එමීර්වරයා අතර අතර හමුවක් පැවැත්විණි.

කටාර් රාජ්‍යය සහ එමිරේට්ස් රාජ්‍යය අතර පැවැති අර්බුදය සමථයකට පත්වීමෙන් අනතුරුව කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී සහ අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන් අතර මෙසේ හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.

හමුව පැවැත්වූයේ බෙයිජීං ඔලිම්පික් උළෙලට සහභාගී වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පින් දිවා භෝජන සංග්‍රහය අතරතුරේය.

2017 වසරේ දී කටාර් රාජ්‍යයේ විදෙස් ප්‍රතිපත්ති හෙලා දකිමින්, සෞදිය කටාර් රාජ්‍යයට රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික වශයෙන් සම්බාධක පැනැවීමක් කළේය. සෞදියට සහාය දක්වමින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ද කටාර් රාජ්‍යය සමඟ සියලු සබඳතා නවත්වා දැමීය.

පසුගිය 2021 වසරේ දී කටාර් රාජ්‍යය සමඟ යළි සබඳතා වර්ධනය කර ගැනීමට සෞදිය තීරණය කළේය. ඒ අනුව, බහරේනයත්, ඊජිප්තුවත් කටාර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ නමුත් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කටාර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළේ නැත.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීමට කටාර් සහ එක්සත් අරාබි එමීර්වරයා පැවැති සාකච්ඡා හේතු වන්නට ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති. බෙයිජීං ජනතා ශාලාවේ පැවැත්වුණු එම භෝජන සංග්‍රහයට උස්බෙකිස්තාන, ඉක්වදෝර සහ ටජිකිස්තාන නායකයන් පවා සහභාගී වී සිටි බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS