දරුවන්ට දෙන්න මෝඩර්නා අනුමතයි



සෞදි අරාබියේ වයස අවුරුදු 12-17 දරුවන්ට එන්නත් කිරීම සඳහා මෝඩර්නා එන්නතට අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.

ඖෂධ සමාගම ලබා දුන් තොරතුරු මත සෞදි ආහාර හා ඖෂධ අධිකාරිය මෝඩර්නා එන්නතට අනුමැතිය ලබා දුන් බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

මොඩර්නා එන්නත  ආහාර හා ඖෂධ අධිකාරියේ නියාමන අවශ්‍යතා සපුරන බවත්, සායනික අධ්‍යයන තුළින් එහි සඵලතාවය සහ ආරක්‍ෂාව පෙන්නුම් කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS