සල්මාන් රුෂ්ඩි ගැන ඉරානයෙන් ප්‍රකාශයක්



බ්‍රිතාන්‍ය ලේඛක සල්මාන් රුෂ්ඩිට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට චෝදනා කිරීමට කිසිවකුටවත් අයිතියක් නැතැයි ඉරාන රජය පවසයි.

ඇමෙරිකාවේ දේශනයකට සහභාගී වූ 75 හැවිරිදි රුෂ්ඩි, පිහි ප්‍රහාරකට ලක්වී බරපතල තුවාල ලැබුවේ පසුගිය 12 වැනිදාය. ඉරානය රුෂ්ඩිට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව මෙයයි.

සල්මාන් රුෂ්ඩි, ඉස්ලාම් දහමට සහ මහම්මත්තුමන්ට අපහාස කළ අයකු බවත්, ඔහුට ප්‍රහාරයක් එල්ල වූයේ ඔහු කළ වරද නිසා බවත් ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශයේ ප්‍රකාශක නසාර් කනානී පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS