ඇමෙරිකා ආරක්ෂක ලේකම් ඉරාකයේ



පෙර දැනුම් දීමකින් තොරව, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට පැමිණියේය.

ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ ප්‍රධානියා වන්නේ ද ලොයිඩ් ඔස්ටින්ය. ආරක්ෂක ලේකම්වරයා ඉරාතයේ බැග්ඩෑඩ් අගනුවරට පෙර දැනුම් දීමකින් තොරව පැමිණියේ ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමිනි.

ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, ඉරාකයේ රඳවා සිටින ඇමෙරිකන් සෙබළුන් හමුවී, ඔවුන්ගේ සුවදුක් විමසා බැලුවේය. සදාම් හුසේන්ගේ පාලනය පෙරලා දමමින් ඇමෙරිකන් හමුදා ඉරාකය ආක්‍රමණය කළේ 2003 වසරේදීය. ඒ අනුව ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කර මෙම 2023 වසරට, වසර 20 ක් සපිරේ.

දැඩි ලෙස මර්දනයට ලක් කළත්, ඉරාකයේ අයි.එස්. ත්‍රස්ත සංවිධානය තවමත් ක්‍රියාත්මක වෙයි. අයි.එස්. ත්‍රස්තවාදීන් ඉරාක රජයට ද තර්ජනයකි. ඉරාකයේ සිටින ඇමෙරිකන් හමුදා, ඉරාක රජයේ හමුදාවට සහාය දක්වමින් අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදින බව පෙන්ටගනය පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS