රුසියන්-තුර්කි-සිරියානු ආරක්ෂක ඇමැති හමුවක්



රුසියන්, තුර්කි, සිරියානු ආරක්ෂක අමාත්‍ය හමුවක් රුසියාවේ මොස්කව් අගනුවරදී පැවැත්විණි.

තුර්කි ආරක්ෂක අමාත්‍ය හුලුසි අකාර්, සිරියානු ආරක්ෂක අමාත්‍ය හකාන් ෆිදාන් සහ සිරියානු ආරක්ෂක අමාත්‍ය අලී මොහොමද් අබ්බාස් සමුළුවට සහභාගී වූ බව රුසියන් මාධ්‍ය වාර්තා කර ඇත. රටවල් තුනේ ආරක්ෂක අමාත්‍යවරුන් මෙසේ හමුවූයේ වසර 10 කට පසුවය.

සිරියාවත්, තුර්කියත් අතර සබඳතා මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත් වී තිබේ. සිරියාවත් තුර්කියත් අතර සබඳතා අර්බුදයට ලක්වූයේ සිරියානු යුද්ධය මුල්කොට ගනිමිනි.

සිරියානු යුද්ධයේදී රුසියාවේ සහාය හිමිවන්නේ සිරියානු රජයට සහ එරට හමුදාවටය. තුර්කියේ සහාය හිමිවන්නේ සිරියාවේ නිල වශයෙන් පිළිගත් විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය.

(රොයිටර්)


RECOMMEND POSTS