රියදුරු බලපත්‍ර 3,000ක් අවලංගු කරයි



කුවේටයේ රියදුරු බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් රියදුරු බලපත්‍ර 3,000ක් පමණ අවලංගු කර ඇති බව වාර්තා වේ.

රැකියා බලපත්‍ර වෙනස් කිරීම, විවිධ වෘත්තීන්ට මාරුවීම සහ රියදුරු බලපත්‍ර අවශ්‍යතාවයන් සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් රියදුරු බලපත්‍ර 3,000ක් පමණ සතියක් තුළ අවලංගු කිරීමට කටයුතු කළ බව කුවේට් සාමාන්‍ය රථවාහන අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කළේ ය.

නියෝජ්‍ය අගමැති, ෂෙයික් තලාල් අල්-ඛාලීඩ්ගේ උපදෙස් මත පෙර වසරවලලබාගත් සියලුම විදේශිකයන්ට අයත් රියදුරු බලපත්‍ර පරීක්ෂා කිරීමට කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ තීරණය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS