ලෙබනනයේ ආර්ථිකය දිනෙන් දින පිරිහෙනවා



ලෙබනනයේ බීරූට් අගනුවර දැවැන්ත විරෝධතා පැවැත්වෙයි. ලෙබනන් වැසියන් දස දහස් ගණනක් මෙසේ විරෝධතාවලට එක් වී සිටින්නේ එරට දිනෙන් දින පිරිහෙමින් පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කිරීමටය.

මේ වනවිට ලෙබනනය ඉතාමත් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. වසර ගණනක් තිස්සේ ඔඩුදුවන මෙම අර්බුදයට හේතුව රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ නිසි ලෙස ආර්ථික කළමනාකරණයක් සිදු නොවීම යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

වැඩි වැටුප් ඉල්ලමින්, තම ජීවන තත්ත්වය උසස් කර දෙන්නැයි විරෝධතාකරුවෝ අස්ථාවර වී ඇති ලෙබනන් රජයට බල කරන්න වූහ. ලෙබනන් රජයේ මෙම අස්ථාවරත්වයට ප්‍රධාන එක් හේතුවක් වන්නේ දේශපාලන පක්ෂවල ආගමික මත ගැටුම්ය.

විරෝධතාකරුවන් පහර දී විසුරුවා හැරීමට කැරැලි මර්දන පොලිසිය යෙදවිණි. විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල විය. කදුළු ගෑස් ප්‍රහාරයට හසුවීමෙන් හුස්ම ගැනීමට නොහැකි වුණු බොහෝ දෙනෙක් පසුව රෝහල් ගත කෙරුණාහ.

(අල් ජසීරා)


RECOMMEND POSTS