ළමයින්ට ඩිජිටල් සහතිකයක්



සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය ළමයින්ට ඩිජිටල්එන්නත් සහතිකයක් ලබාදීමට කටයුතු කරන බව වාර්තා වේ.

කඩදාසි සහතිකයට විකල්පයක් ලෙස ඩිජිටල් එන්නත් සහතිකයක් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

සෞදි පුරවැසියන්ටගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම සහ දැනට ලබාගෙන ඇති/ ලබා ගත යුතු එන්නත් පිළිබඳ වාර්තාවක් තබා ගැනීමට මෙම ක්‍රමය මඟින් අවස්ථාව හිමි වන බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

සෞඛ්‍ය මධ්‍යස්ථානවල පවත් වන ලබනළමා සායනය හරහා හෝ “Sehhaty“අන්තර්ජාල මෘදුකාංගය හරහා ලියාපදිංචි විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN –Online රියාද් නුවර)

RECOMMEND POSTS