ලෙබනනයට ඉරානයෙන් තෙල්



දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ලෙබනනයට ඉරානයෙන් තවත් තෙල් නැවක් ළඟා වුණු බව ලෙබනන් හිස්බුල්ලා නායක සයාද් හසාන් නසරල්ලා පවසයි. මෙය ඉරානයෙන් ලෙබනනයට ලැබුණු තෙවැනි තෙල් නැව යැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් 'හිස්බුල්ලා' සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස සැලකයි. 'හිස්බුල්ලා' යනු ඉරාන හිතවාදී ඉරානයේ සහාය ලබන සංවිධානයකි. 'හිස්බුල්ලා' සංවිධානය දේශපාලනික අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විත අතර ලෙබනන් දේශපාලනයට සම්බන්ධ වී සිටින්නේ දේශපාලන අංශයයි.

ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා තිබියදී, ඉරානයෙන් තෙල් මිලදී ගැනීමට හිස්බුල්ලා නායකයා කටයුතු කිරීම බරපතල අර්බුද රැසකට මුහුණ දීමට මඟ පෑදෙනු ඇති බවත්, බටහිර රටවලින් ලෙබනනයට සම්බාධක පැනැවීමක් සිදුවනු ඇති බවත් ලෙබනනයේ සෙසු දේශපාලන කණ්ඩායම් අනතුරු ඇඟවීම් කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS