බහරේනයේ ඊශ්‍රායල තානාපති කාර්යාලය විවෘත කෙරේ



බහරේනයේ මනාමා අගනුවර පිහිටවූ ඊශ්‍රායල තානාපති කාර්යාලය, ඊශ්‍රායල විදේශ අමාත්‍ය යාර් ලුපිඩ්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. ඒ, ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, බහරේනය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යහපත් අතට හැරී වසරක කාලයක් ගතවෙද්දීය.

ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා බහරේනයට පැමිණීමට පැයකට පෙර, ඊශ්‍රායලයත් බහරේනයත් අතර 'ගල්ෆ් එයාර්' ගුවන් ගමන් යළි ආරම්භ විය. විදේශ අමාත්‍ය යාර් ලුපිඩ් ඊශ්‍රයලයේ සිට බහරේනයේ බලා පැමිණි පළමු ගුවන් යානයෙනි.

ගුවන් යානය මනාමා අගනුවරට ගොඩබාද්දී, ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පිළිගැනීමට, බහරේන් රජු හාමාද් බින් ඊසා අල් කලීෆා සහ ඔටුන්න හිමි කුමරු මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද වන සල්මාන් බින් හමාද් අල් කලීෆා ද පැමිණ සිටියහ. ඊශ්‍රායල තානාපති කාර්යාලය විවෘත කරද්දී එම අවස්ථාවට බහරේන් රජු සහ ඔටුන්න හිමි කුමරු සහභාගී වූහ.

ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, යුදෙව් ඊශ්‍රායලය සහ ගල්ෆ් කලාපයේ මුස්ලිම් රටවල් කීපයක් අතරේ යහපත් සබඳතා වර්ධනය වීම පසුගිය කාලයේ සිදුවිය. එසේ වූයේ ඇමෙරිකා ජනාධිපති ලෙස කටයුතු කළ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ට්‍රම්ප් පරිපාලනය මැදහත් වීමෙනි.

ගල්ෆ් රටවල් සහ ඊශ්‍රායලය අතර අර්බුද නිර්මාණය වී තිබුණේ පලස්තීනය සම්බන්ධයෙනි. ඒ, පලස්තීන මුස්ලිම්වරුන්ට ඊශ්‍රායලයෙන් එල්ල වන කෙණෙහිලිකම් හේතුවෙනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS