යුක්රේන ජනාපධිති ඊශ්‍රායලය ගැන කනගාටුවෙන්



ඊශ්‍රායලය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කනගාටු වන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා තිබේ.

ලොව එකම යුදෙව් රාජ්‍යය ලෙස සැලකෙන්නේ ඊශ්‍රායලයයි. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ද යුදෙව්වෙකි.

යුක්රේන යුද්ධයේ දී රුසියන් හමුදාව එල්ල කරන මිසයිල ප්‍රහාරවලින් තම සිවිල් වැසියන් ආරක්ෂා කර ගැනීමට මිසයිල නාශක අවි ලබා දෙන්නැයි ජනාධිපති සෙලෙන්ස්කී අවස්ථා ගණනාවකදී ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබේ.

කෙසේ නමුත් ඊශ්‍රායලය, එම ඉල්ලීමට කන් දී නැත. යුක්රේන ජනාධිපති සෙලෙස්කී කනගාටුව පළ කර ඇත්තේ මේ සම්බන්ධයෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS