දරුවන්ව බේරාගන්න දෙමාපියන් දිවි දෙයි



ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ නිවසක ඇති වු ගින්නකින් අඹුසැමි යුවලක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

නිවාස සංකීර්ණයේ පස්වන මහලේ  ගින්න ඇති වී ඇති අතර,පහළ සිටින පිරිස් අල්ලා ගෙන සිටි මෙට්ටය මතට සිය දරුවන් හය දෙනා දැමීමට දෙමාපියන් දෙදෙනා කටයුතු කර ඇත.

ඉන්පසු  දෙමාපියන් දෙදෙනා මෙට්ටය මතට පැනීමට කටයුතු කර ඇති නමුත්අවාසනාවන්ත ලෙස ඒ වන විටත් මෙට්ටය කැඩී ගොස් තිබීම හේතුවෙන් දෙමාපියන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කයිරෝ නුවර)

RECOMMEND POSTS