බඩගින්න නිවාගන්න දුප්පතුන්ට නොමිලේ පාන්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අඩු ආදායම් ලාභි පුද්ගලයින්ගේ බඩගින්න නිවාගැනීම සඳහා නොමිලේ පාන් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

“සැමට පාන්“ යන තේමාව යටතේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල යන්ත්‍ර සවිකිරීමට කටයුතු කර ඇති අතර, තමන් කැමති විවිධ වර්ගයේ පාන් යන්ත්‍රයෙන් ලබාගත හැකිය.

අල් මිෂාර්,අල් වර්කා,මිර්ඩිෆ්, නඩ් අල්-ෂෙබා, නඩ් අල් හමර්,අල් කුස්,සහ අල් බඩා යන නගරවල පිහිටා ඇති “අස්වාන්“ සුපිරි වෙළඳසැල් වල  දැනට යන්ත්‍ර සවිකර ඇත.

පරිත්‍යාගශීලීන්ට තමන් කැමති මුදලක් මෙම වැඩසටහනට ලබාදීමට එම යන්ත්‍රය මඟින් පහසුකම් සලසා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS