ත්‍රස්ත ප්‍රහාරයකින් 26 ක් මරුට



යේමනයේ අබායන් නගරයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

යේමන හමුදාවට අයත් මුරපොලකට අල්-කයිඩා ත්‍රස්තවාදීන් ප්‍රහාරය එල්ල කර ඇති බවත්, පැය ගණනාවක් සටන් පැවති බව හමුදා ප්‍රකාශකයෙකු වන මොහොමඩ් අල්-නකීබ් ප්‍රකාශ කළේ ය.

යේමන හමුදා කර්නල්වරයෙකු වන යසර් නසාර් ෂායේ ඇතුළු සොල්දාදුවන් 20 දෙනෙකු සහ සටන්කාමීන් හය දෙනෙකු ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Arabnews- අබායන් නගරය)

RECOMMEND POSTS