අනතුරින් 5ක් මරුට: 14කට තුවාල



ඕමානයේ සිදු වු මාරක රිය අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

ඕමාන් අනාථ දරුවන් සඳහා වන අමාත්‍යාංශය සංවිධානය කළ විනෝද චාරකාවක් යමින් සිටින අතරතුර විලයාත් හි අල් හම්රා ප්‍රදේශයේදී බස් රථය අනතුරට ලක්ව තිබේ.

අනතුරින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් කරමින් සමාජ සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරතිබේ.

මධ්‍යස්ථ මට්ටමේ සිට බරපතල තත්ත්වය දක්වා තුවාලකරුවන් සිටින බව නිවේදනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online මස්කට්)

RECOMMEND POSTS