ගබ්සාවන් කළ කතුන් 2ක් අත්අඩංගුවට



සෞදි අරාබියේ රියාද් නුවර නීතිවිරෝධි ගබ්සාවන් සිසුකළ විදේශීය කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කුලියට ගත් නේවාසික මහල් නිවාසයක නීති විරෝධී ගබ්සා කිරීම් සිදු කර ඇති අතර, ආරක්ෂක අංශ නිලධාරීන් එම මහල් නිවාසය තුලදී කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අවම සෞඛ්‍යාරක්‍ෂිත පහසුකම් නොමැති පරිසරයක් තුළ නීතිවිරෝධී සහ අනාරක්ෂිත ගබ්සා කිරීම් සිදු කරතිබෙන බව සොයාගෙන ඇත.

කාන්තාවන් දෙදෙනාට විරුද්ධන නීතිමය පියවර ගැනීමට පොලීසිය කටයුතු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online -රියාද් නුවර)

RECOMMEND POSTS