යුක්රේනය සමඟ වෙළඳ සාකච්ඡා අරඹයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය යුක්රේනය සමඟ වෙළඳ සාකච්ඡා ආරම්භ කිරීමට සැළසුම් කරන බව වාර්තා වේ.

යුක්රේනය අතර ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට අදහස් කරන බවත්, එය ලබන වසරේ මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ආර්ථික අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

යුක්රේනය අපගේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙක් බවත්, යුද්ධය ඇති වීමට පෙර ඉහළ මට්ටමින් ආයෝජන ඇති කරගැනීම පිළිබඳව හොඳ අවබෝධයක් තිබු බවත්, එම කටයුතු ඉදිරියට ගෙන යෑමට කාලය පැමිණ ඇති බව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ විදේශ වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, තානි අල් සෙයෝඩි ප්‍රකාශ කළේ ය.

රුසියානු-යුක්රේන් යුද්ධයේදි බටහිර රටවලවලින් එල්ල වන බලපෑම් නොතකා මධ්‍යස්ථව කටයුතු කිරීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කටයුතු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)


RECOMMEND POSTS