සිරියාවේ අල් කයිඩා නායකයා මරා දැමේ



සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ ක්‍රියාත්මක අල් කයිඩා හිතවාදී 'හුරාස් අල් දින්' ඉස්ලාමීය සන්නද්ධ කල්ලියේ නායක අබු හමාස් අල් යේමනී ඝාතනය කර තිබේ.

සිරියාවේ, ආයුධ සන්නද්ධ කැරැලිකාර කණ්ඩායම් සිය ආධිපත්‍ය පතුරුවා ගෙන සිටින්නේ ඉඩ්ලිබ් පළාතේ ය.

අබු හමාස් අල් යේමනී ඝාතනය කර ඇත්තේ ඇමෙරිකන් හමුදාව බව පැවැසෙයි.

අබු හමාස් අල් යේමනී තනිවම යතුරු පැදියකින් ගමන් කරමින් සිටිද්දී ඇමෙරිකන් හමුදා ඔහුට පහර දී ඇතැයි අල් ජසීරා පුවත් සේවය පවසයි.

ඇමෙරිකන් හමුදා එල්ල කළ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු බව ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS