ඕමානයෙන් කළු දිලීර රෝගීන් හමුවෙයි



කළු දිලීර රෝගීන් තිදෙනෙක් හමු වු බව ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම රෝගීන් තිදෙනා මේවනවිට ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

කළු දිලීර රෝගීන් හැකි ඉක්මණින් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ දිගටම සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS