සිකුරාදා දේව මෙහෙයට අවසර



ඕමානයේ මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා දේව මෙහෙයන් යළි ආරම්භ කිරීම සඳහා අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සියයට පනහක (50%) බැතිමතුන්ගේ ධාරිතාවයකින් දේව මෙහෙයන් ආරම්භ කිරීම සඳහා ඕමාන් උත්තරීතර කමිටුව අවසර ලබා දී ඇත.

කොවිඩ්-19 එන්නතේ එක් මාත්‍රවක්වත් අඩුම තරමින් ලබා ගෙන සිටින පුද්ගලයින්ට පමණක් දේවස්ථානවලට ඇතුළු වීමට අවසර හිමි වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්ක්ට් නුවර)


RECOMMEND POSTS