තුර්කියට තවත් ජරමරයක්: 14 ක් මරුට



තුර්කියට බලපෑ ප්‍රබල භූමි කම්පාවෙන් උන්හිටිතැන් අහිමිවුණු තුර්කි වැසියෝ තවත් විපතකට මුහුණ දුන්හ. ඒ, මහ වැසි හේතුවෙන් හටගත් හදිසි ජල ගැලීම් හේතුවෙනි.

භූමි කම්පාවෙන් උන්හිටිතැන් අහිමි වැසියන් ජීවත් වන්නේ තාවකාලික කූඩාරම්වල සහ කන්ටේනර් පෙට්ටි තුළය. මහ වැස්සත් සමඟ හටගත් ජල ගැලීමෙන් කූඩාරම් සියල්ල ගසාගෙන ගියේ 14 දෙනකුට මරු කැඳවමින් යැයි ද පැවැසෙයි.

හදිසි ජල ගැලීමට හසුවීමෙන්, තවත් පස් දෙනකු අතුරුදන් බව ද පැවැසෙයි. මියගිය සහ අතුරුදන් පිරිස අතරේ කුඩා දරුවෝ කීප දෙනෙක් ද වෙති.

ජල ගැලීම් හේතුවෙන් අකරතැබ්බට මුහුණ දුන්නේ තුර්කි සිරියානු දේශසීමාවේ සන්ලියුර්ෆා සහ අදියාමාන් යන නගරවල වැසියන් බව  මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

තුර්කිය සහ සිරියාව ප්‍රබල භූමි කම්පාවෙන් බැටකෑවේ පසුගිය පෙබරවාරි 6 වැනිදාය. රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක් සටහන් කළ එම භූමි කම්පාවෙන් තුර්කියේ පමණක් මියගිය ගණන 48,000 කි. සිරියාවේ සිදුවුණු මරණ ගණන 6,000 කි.

තුර්කියට බලපෑ ප්‍රබල භූමි කම්පාවෙන් උන්හිටිතැන් අහිමිවුණු තුර්කි වැසියෝ තවත් විපතකට මුහුණ දුන්හ. ඒ, මහ වැසි හේතුවෙන් හටගත් හදිසි ජල ගැලීම් හේතුවෙනි.

(NDTV)


RECOMMEND POSTS