ඩමැස්කස් නුවර බෝම්බයක් පිපිරී 14 ක් මරුට



සිරියානු රජයේ හමුදා සොල්දාදුවන් රැගත් බස් රථයකට එරට ඩමැස්කස් අගනුවරදී බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයට හසුවීමෙන් හමුදා සොල්දාදුවෝ 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තිදෙනෙක් තුවාල ලැබූහ.

වසර ගණනාවකට පසු ඩමැස්කස් අගනුවර සිදුවුණු දරුණුතම බෝම්බ ප්‍රහාරය මෙය යැයි පැවැසෙයි. ඊට හේතුව සිරියානු රජයට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන විපක්ෂ සන්නද්ධ ක්‍රියාකාරීන් මර්දනය කිරීමටත් අඩපණ කිරීමටත් සිරියානු රජයේ හමුදාව සමත් වී සිටීමය.

විපක්ෂ සන්නද්ධ ක්‍රියාකාරීන් සිරියාවේ ඉඩ්ලිබ් පළාතට පමණක් සීමා වී සිටින අතර, ඩමැස්කස් බෝම්බ ප්‍රහාරයත් සමඟ සිරියානු රජයේ හමුදා ඉඩ්ලිබ් පළාතේ සන්නද්ධ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළේය. එයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණු බව පසුව වාර්තා විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS