ප්‍රචණ්ඩ වැලි කුණාටුවක් ඉරාකයට



ඉරාකයේ ප්‍රදේශ රැසක් හරහා ප්‍රචණ්ඩ වැලි කුණාටුවක් හමා ගිය බවත්, වැලි කුණාටුවට හසුවුණු 5,000 කට වැඩි පිරිසක් රෝහල්ගත කිරීමට සිදුවුණු බවත් එක් අයකු මරණයට පත් වී ඇති බවත් වාර්තා වේ.

රෝහල් ගත කෙරුණේ වැලි කුණාටුවට හසුවීමෙන්, ස්වසන ආබාධ ඇතිවුණු පුද්ගලයන්ය. මේ මාසය ඇතුළත ඉරාකය හරහා හමා විය සත් වැනි වැලි කුණාටුව මෙය බවත්, අනෙක් වැලි කුණාටුවලට වඩා මෙම වැලි කුණාටුව ප්‍රචණ්ඩ වූ බවත් පැවැසෙයි.

ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඩයට, නජාෆ් ශුද්ධ නගරයට වැලි කුණාටුවෙන් බලපෑම් එල්ල විය. 'ඉරාකයේ වැලි කුණාටු ඇතිවීම ස්වභාවිකයි. ඒත් මේ වැලි කුණාටුව බිහිසුණුයි.

මෙවැන්නක් මීට පෙර දැක නැහැ. එක් අයකු මියගියා. ස්වසන ආබාධවලට ලක්වුණු 5,000 කට රෝහල්වලින් ප්‍රතිකාර ලබා දී තිබෙනවා' යැයි ඉරාක සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS