එමිරේටයේ ඉන්ධන මිල ගණන් ඉහළට



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඉන්ධන මිල ගණන් ඉහළ යෑමෙන් පසු, “සුපර් 98“ වර්ගයේ පෙට්රල් ලීටරයක මිලඩිරාම් 3.09 දක්වාද (1.3%)“විශේෂ 95“ඩිරාම් 2.97 දක්වාද,“ඉ-ප්ලස්“ ඩිරාම් 2.90 දක්වා (1.4%) ඉහළ ගොස් ඇත.

ඩීසල් මිල සියයට 7.1කින් අඩු වී ඇති අතර, ලීටරයක මිල ඩිරාම් 3.14ක් ලෙස දැක් වේ.

ඉන්ධන මිල ගණන් පසුගිය පෙබරවාරි මාසයේදි 10%කින් ඉහළ ගියේ ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව අදාල මිලගණන් ඉහළ දැමීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS