එමිරේට්ය ගුවන් ගමන් අත්හිටුවයි



ඇෆ්ගනිස්ථානයේ දැනට පවතින අස්ථාවර වාතාවරණය හේතුවෙන් ගුවන් ගමන් නතර කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

වර්තමාන සිදුවීම් සියල්ල සැලකිල්ලට ගෙන ලියාපදිංචි ගුවන් සමාගම් ඇෆ්ගනිස්ථානට ක්‍රියාත්මක කිරීමට තිබු ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර ඇති බව එමිරේට්ස් සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.

ඇෆ්ගනිස්ථානයේ වාර්තමාන තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරන බවත්, අදාළ බලධාරීන් සහ ජාතික ගුවන් සමාගම් සමඟ සම්බන්ධීකරණයෙන් වර්තමාන තත්ත්වය තක්සේරු කර ගුවන් සේවාවන්හි සුරක්ෂිතාවය සහතික කිරීමට කටයුතු කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS