ඊශ්‍රායල විදේශ ඇමැති යුක්රේනයේ



ඊශ්‍රායල විදේශ අමාත්‍ය එලී කොහෙන් යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායල රජයේ නියෝජිතයකු යුක්රේනයට ගිය පළමු අවස්ථාව මෙයයි.

රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය ඊශ්‍රායලය හෙලා දැක තිබේ.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවුණු අවස්ථාවේදී යුක්රේනයට මානුෂීය ආධාර ලබා දීමටත්, වෙඩි නොවදින කබා ඇතුළු ආරක්ෂිත උපකරණ යුක්රේනයට ලබා දීමටත් ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා කැමැත්ත පළ කර ඇතැයි ද පැවැසෙයි.

 (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS