රුසියානු කොවිඩි -19 එන්නතට අනුමැතිය



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය රුසියානු කොවිඩි-19 එන්නතට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, රුසියාව නිෂ්පාදය කළ ස්පුට්නික්-ලයිට් නැමති කොවිඩි-19 එන්නතට සහ බූස්ටර් එන්නතට අනුමැතිය ලබා දී ඇත.

ස්පුට්නික්-ලයිට් කොවිඩි-19 එන්නතට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අනුමැතිය ලබා දී ඇති බව රුසියාවේ ස්වෛරී අරමුදල වන රුසියානු ඍජු ආයෝජන අරමුදල නිවේදනය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මොස්කව් නුවර)


RECOMMEND POSTS