තුර්කියේ කොරෝනා ආයෙත් වැඩිවෙලා



තුර්කියේ‍ කොවිඩ් 19 ආසාදිතයන් යළිත් වරක් වැඩි වීමට පටන්ගෙන තිබේ. ගතවුණු පැය 24 ඇතුළත තුර්කියෙන් හමුවුණු කොරෝනා ආසාදිතයන් ගණන 62,606 කි.

ගතවුණු පැය 24 ඇතුළත තුර්කියෙන් වාර්තා වු කොරෝනා මරණ ගණන 288 ක් යැයි ද පැවැසෙයි.

සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව, කොරෝනා ආසාදිතයන් පොකුරු වශයෙන් හමුවුණු ප්‍රදේශ සහ පළාත් ලොක්ඩවුන් කිරීමටත්, නව සංචරණ සීමා පැනැවිමටත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් කටයුතු කර තිබේ.

මේ වනවිට තුර්කියෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන මිලියන 4.2 කි. තුර්කියෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 35,608 කි.

(අල් ජසීරා)


RECOMMEND POSTS