ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ඊශ්‍රායලයේ



ඇමෙරිකන් ආරක්ෂක ලේකම් මෙන්ම පෙන්ටගනයේ ප්‍රධානියා ද වන ලොයිඩ් ඔස්ටින්, ඊශ්‍රායලයට පැමිණ සිටී.

ඇමෙරිකන් ආරක්ෂක ලේකම්වරයා ඊශ්‍රායලය බලා පැමිණියේ, ඊශ්‍රායල හමුදා සිදු කරන වැටලීම්වලින් බටහිර ඉවුරේ පාලස්තීනුවන් මියයෑම සහ ඊට පලස්තීනුවන්ගෙන් නැගෙන විරෝධය සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අංශ සමඟ සකච්ඡා පැවැත්වීමටය.

ඔස්ටින්ගේ පැමිණීමට පැය කිහිපයකට පෙර, ඊශ්‍රායල පලස්තීන දේශසීමාවේ දී, ඊශ්‍රායල ආරක්ෂක අංශ සිදු කළ වැටලීමකදී, පලස්තීන සිවිල් වැසියෝ තිදෙනක් ජීවිතක්ෂයට පත්වූහ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසා ඇත්තේ ඔවුන් අතින් මියගියේ පලස්තීන ත්‍රස්තවාදීන් තිදෙනකු කියාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS