ඊශ්‍රායල හමුදාව මිසයිල් එල්ල කරලා



ඊශ්‍රායල් හමුදාව මිසයිල් එල්ල කර ඇති බව සිරියානු මාධ්‍ය වාර්තා කළේ ය. සිරියාවේ හොම්ස් සහ වෙරළබඩ නගරයක් වන ටාටස් වෙත මිසයිල්  එල්ල කර ඇති බව වාර්තා වේ.

එල්ල කළ බොහොමයක් මිසයිල බිම හෙළීමට සිරියානු ගුවන් ආරක්ෂක පද්ධතිය සමත් වූ බව සිරියානු හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

මිසයිල් ප්‍රහාර වලින් සොල්දාදුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත්, සුළු අලාභයක් සිදු වූ බව හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ඊශ්‍රායල හමුදාව මිසයිල් එල්ල කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, හෝම්ස් නගරය)


RECOMMEND POSTS