ඊශ්‍රායල අගමැති පළමුවරට බහරේනයේ



ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් බහරේනයේ මනාමා අගනුවර සංචාරයකට පැමිණියේය. බහරේනය සමඟ මිතුදම් වර්ධනය කර ගැනීමත් සමඟ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයකු බහරේනයට පැමිණි අවස්ථාව වන්නේ මෙයයි.

ඊශ්‍රායලය සහ බහරේනය අතර අර්බුදයක් පැවැතියේ ද ඊශ්‍රායලය පලස්තීනුවන්ට කරන කෙණෙහිලිකම් මුල්කොට ගනිමිනි. දෙරට අතර හොඳහිත වර්ධනය කර ගැනීමට මැදිහත් වී කටයුතු කළේ ඇමෙරිකාවය. ඒ, 2020 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය පැවැති අවදියේදීය.

දෙදින නිල සංචාරයක් සඳහා මනාමා අගනුවරට පැමිණි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට බහරේන් ඔටුන්න හිමි කුමරු සල්මාන් බින් හමාද් අල් කලීෆාගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

බහරේනයේ අග්‍රාමාත්‍යවරයා වන්නේ ද ඔටුන්න හිමි කුමරුන්ය. ද්වීපාර්ශ්වීය සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ සල්මාන් බින් හමාද් අල් කලීෆා කුමරු අතරේ සාකච්ඡා පැවැත්විණි.

(රොයිටර්)


RECOMMEND POSTS