ඊශ්‍රායල අගමැති හදිසියේම එමිරේටයට



ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට්, හදිසියේම එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට පැමිණ එමිරේට්ස් ජනාධිපති ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන් හමුවිය. එම හමුවට හේතුව, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම යැයි පැවැසෙයි.

ඇමෙරිකාව මැදිහත් වී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීමට සූදානමින් සිටී. එම එකඟතාව ඇති කර ගැනීමට ඇමෙරිකාව ඊශ්‍රායලයේත්, එමිරේට්ස් රාජ්‍යයේත් සහාය අපේක්ෂා කරයි.

නෆ්තාලි බෙනට්, එමිරේට්ස් ජනාධිපති ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන් හමුවී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත් වූ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS