‘හට්‍රා’ නටබුන් සංචාරකයන්ට



උතුරු දිග ඉරාකයේ, ‘හට්‍රා’ නටබුන් නගරයේ නටබුන් යළිත් වරක් සංචාරකයන්ට විවෘත වී ඇතැයි ඉරාක රජය කියයි.

දෙවැනි සහ තුන්වැනි සියවසේ ඉදි කළ මෙම නගරයේ නටබුන් අද යුනෙස්කෝ ලෝක උරුමයකි. මෙම නටබුන් පිහිටා ඇත්තේ ඉරාකයේ මොසූල් නගරයේ සිට පැය දෙකක දුරකිනි.

2017 වසරේ දී මොසූල් නගරය අයි.එස්. ත්‍රස්තවාදීන් අත​ට පත්වෙද්දී, නටබුන් නගරය ද අයි.එස්.අයි.එස්. බලකොටුවක් විය. මෙම පුරාණ නටබුන් නගරය යළි මුදා ගැනීම සිදුවූයේ ඉරාක හමුදා සහ බටහිර හමුදා එක් වී කළ මෙහෙයුම්වලිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS