තුර්කියේ පිහිටීම මීටර් 6 කින් වෙනස් වෙලා



ප්‍රබල භූමි කම්පාවලින් කැලැඹීමෙන් පසු, තුර්කියේ පිහිටීම මීටර් 5 කින් හෝ 6 කින් වෙනස් වී ඇතැයි ඉතාලි භූ විද්‍යාඥ මහාචාර්ය  කාර්ලෝ ඩෙග්ලීනෝ පවසා ඇත. කාර්ලෝ ඩෙග්ලීන්, කීර්තිමත් භූ විද්‍යාඥයකු ලෙස ප්‍රකටය.

පසුගියදා හටගත් එම ප්‍රබල භූමි කම්පා සහ පසුකම්පනවලින් තුර්කිය සහ සිරියාව කැලැඹී ගියේ 15,000 කට වැඩි පිරිසක් බිලි ගනිමිනි. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් එය 35,000 පසු කරනු ඇති බවත් මාද්‍ය වාර්තා කරයි.

තුර්කිය සහ සිරියාව අසල්වැසි රටවල් වන අතර ඒවා පිහිටා ඇත්තේ භූ තැටි දෙකකට ඉහළිනි. භූමි කම්පාවක් යනු භූ තැටි දෙකක් එකිමත එක ගැටීමය.

“භූමි කම්පාවල ප්‍රබලත්වය හේතුවෙන් මෙම භූ තැටි වෙනස් වුණා. සිරියාවට වඩා වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ තුර්කියටයි. තුර්කිය මේ වනවිට බටහිර දෙසට තල්ලු වීමක් වෙලා තියෙනවා” යැයි මහාචාර්ය කාර්ලෝ ඩෙග්ලීනෝ පැහැදිලි කර තිබේ.

මීට පෙර තුර්කිය ප්‍රබල භූමි කම්පාවකින් බැටකෑවේ 1939 වසරේදීය. එම භූමි කම්පාවෙන් මියගිය ගණන 35,000 පසු කළ බව ද පැවැසෙයි.

(රොයිටර්/එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS