ඔක්සිජන් නොමැතිව රෝගීන් 10ක් මරුට



ජෝර්දානයේ ප්‍රධාන රජයේ රෝහලක ඔක්සිජන් අවසන් වීමෙන් කොවිඩ් -19 රෝගීන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වර්තා වේ.

ජෝර්දාන් අගනුවරට බටහිරින් පිහිටි නගරයක් වන සෝල්ට් හි රජයේ රෝහලේ හිටපු අධ්‍යක්ෂවරයා සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ සහායකයින් හතර දෙනෙකු මෙම මරණවලට වගකිව යුතු බව ජෝර්දාන් අධිකරණය තීන්දු කර ඇත.

කොවිඩ් -19 රෝගීන් 10 දෙනා ජීවිතක්ෂයට පත් වීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් පස් දෙනෙකුට වසර තුනක සිර දඬුවම් නියම කළ බව ජෝර්දාන් රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ය.

පැයකට ආසන්න කාලයක් කොවිඩ් -19 වාට්ටුවක ඔක්සිජන් අවසන් වීමෙන් පසු අවශ්‍ය ඔක්සිජන්  ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 10 දෙනෙකු මාර්තු මාසයේදී  ජීවිතක්ෂයට පත් වී ඇත.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අම්මාන් නුවර)


RECOMMEND POSTS