විශ්‍රාම ගැනීමෙන් පසු ඉන්න පුළුවන්
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සේවය කරන විදේශ ශ්‍රමිකයන් විශ්‍රාම ගැනීමෙන් පසු එරට තුළ රැඳී සිටිය හැකි බව වාර්තා වේ.
එමිරේට්ස් කැබිනට් මණ්ඩලය, ඩුබායි හි උප-ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී නව වීසා යෝජනා ක්‍රමයට අනුමතිය ලබා දී ඇත.
නව වීසා ක්‍රමය යටතේ විදේශ ශ්‍රමිකයින් විශ්‍රාම ලබා ගැනීමෙන් පසු එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ රැඳී සිටීමට අවස්ථාව හිමි වේ.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)