සිරියානු විපක්ෂයේ සහාය යුක්රේනයට



සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනය ප්‍රතික්ෂේප කරන, සිරියාවේ ඉඩ්ලිබ් පළාතට පමණක් සීමා වුණු එරට විපක්ෂ ක්‍රියාකාරීන්, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ.

රුසියාව යුක්රේන වැසියන්ගේ නිදහස උදුරා ගැනීම අමානුෂික ක්‍රියාවක් යැයි සිරියානු විපක්ෂ ක්‍රියාකාරීහු චෝදනා නගති.

සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වුණු අවස්ථාවේදී, විපක්ෂ ක්‍රියාකාරීන් මර්දනය සිදුවූයේ සිරියානු රජයට රුසියාවේ සහාය ලැබුණු බැවිනි.

ඒ අනුව, විපක්ෂ ක්‍රියාකාරින් පන්නා දිගටම බලයේ රැදී සිටීමට ජනාධිපති අසාද් සමත් විය. අද මෙම ක්‍රියාකාරීන් ඉඩ්ලිබ් පළාතේ ඉතා දුක්ඛිත ජීවිත ගත කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS