සිරියානු ජනාධිපති ඉරානයේ



පෙර දැනුම් දීමක් නොකර, සිරියානු ජනාධිපති සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ඉරානයේ තෙහෙරාන් අගනුවරට පැමිණ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී හමුවී සාකච්ඡා පැවැත්වීය.

සිරියානු සිවිල් යුද්ධයේදී, විපක්ෂ විරෝධතා මැද දිගටම බලයේ රැඳී සිටීමට අල් අසාද්ට සහාය දැක්වූ එක් ප්‍රධාන රටක් වන්නේ ඉරානයයි. අනෙක් රට රුසියාවය.

සිරියානු ජනාධිපති අසාද්ගේ ඉරාන සංචාරය පෙර දැනුම්දීමකින් තොරව සිදුවූයේ ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින් යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

සිරියානු ජනාධිපති අසාද්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී පමණක් නොව, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ද හමුවී සාකච්ඡා පැවැත්වීය.

සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වූයේ 2011 දීය. සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වීමෙන් පසු අසාද්, ඉරානයේ තෙහෙරාන් අගනුවර නිල සංචාරයකට පැමිණි දෙවැනි අවස්ථාව ලෙස මෙය සැලකෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS