ගුවන්යානා 78ක් මිලදී ගැනීමට යයි



සෞදි අරාබිය 787 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන්යානා 78ක් බෝයින් සමාගමෙන් මිලදී ගැනීමට කටයුතු කරන බව වාර්තා වේ.

සෞදි රජය සතු ගුවන් සමාගම්වලට ලබාදීම සඳහා ගුවන්යානා මිලදී ගැනීමට කටයුතු කරන අතර,  මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 37ක් පමණ වේ.

මෙම ගුවන්යානා 78ට අමතරව තවත් ගුවන්යානා 43ක් මිලදී ගැනීමට සෞදි අරාබිය අපේක්ෂා කරයි.

ලොව අනිකුත් ගුවන්සේවා සමාගම් සමඟ තරඟ කරමින් ගුණාත්මක ගුවන්සේවයක් ලබාදීම සඳහා සෞදි රජය සැමවිටම කටයුතු කරන බව සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS