අනතුරකින් 2ක් මරුට: 6කට තුවාල



ඕමානයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

මෙම මාරක රිය අනතුර අල්-වුස්ටා නගරයේදි සිදු වී ඇති බවත්, පුද්ගලයින් හය දෙනෙකු අනතුරින් තුවාල ලබා ඇති බව අල්-වුස්ටා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නිවේදනය කළේ ය.

මරණ දෙකක් ඇතුළු රථවාහන අනතුරුවලින් තුවාල ලැබූ පුද්ගලයින් අට දෙනෙකුට හයිමා රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය ප්‍රතිකාර කළ බව අල් වුස්ටා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)


RECOMMEND POSTS